පිහියකින් පහර දී බෙලිඅත්තේ පුද්ගල ඝාතනයක් (වීඩියෝ)

බෙලිඅත්ත, ගලගම ප්‍රදේශයේ පිහියකින් පහර දී ඊයේ (16) රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගලගම, නැගෙනහිර වැවේහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩිමල් සහෝදරියගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

කලක සිට පැවති පවුල් ආරවුලක් මුල්කරගනිමින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සිදුකළ මෙම තැනැත්තා මීට වසර 14 කට පමණ ඉහත දී සිය සහෝදරියගේ සැමියා ද මේ ආකාරයෙන්ම පිහිකින් පහර දී ඝාතනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

https://youtu.be/7_OJHR320Kk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04