පැණි බීම පානය කළ හතර වසර සිසුන් දස දෙනකු රෝහලට

ගඟසිරිපුර විද්‍යාලයේ හතර වසර සිසුන් දස දෙනකු පාසලේ අතිරේක ශිෂ්‍යත්ව පංතියට සහභාගි වී සිටියදී පැණි බීම වර්ගයක් පානය කිරීමෙන් පසු අසාත්මිකතාවයට ලක්ව වීමෙන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම සිසුන් අතර කුඩා ගැහැණු ළමුන් දෙදෙනකු සහ පිරිමි ළමුන් අට දෙනකු සිටින අතර, සමහරුන්ට වමනය ඇති වූ බවද වාර්තා වේ.

පාසල් වේලාවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය සඳහා සූදානම් වීමේ අරමුණින් සවස් කාලයේදී පාසල තුළම මෙම අතිරේක පන්ති පවත්වනු ලබයි. සිද්ධිය සිදුවූයේ මෙම පන්ති අතරතුරදීය.

පොලිසියට ලබා ගත් තොරතුරු අනුව, පාසල අසල පිහිටි නගරයේ වෙළඳසලකින් මෙම පැණි බීම වර්ගය ලබා ගෙන සිසුන්ට බෙදා දී ඇති බව පැවසේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
3
+1
0
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?