AFC Banner
AFC Banner
Empty Ad

පාස්පෝට් ගන්න අන්තර්ජාලයෙන් අයදුම්පත් 29578ක්

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ගත වූ මාසයක කාලය තුළ 29578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඉන් අයදුම්කරුවන් 5294ක් එක්දින සේවය සඳහා ද 24285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පසුගිය ජූනි15 වනදා ආරම්භ කෙරුණා.

එදින සිට ගත වූ දින 30ක් තුළ මෙම අයදුම්පත් 29579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය වන අතර අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකියි.

මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?