පාස්පෝට් ගන්න අන්තර්ජාලයෙන් අයදුම්පත් 29578ක්

විදේශ ගමන් බලපත්‍ර අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීම සඳහා ගත වූ මාසයක කාලය තුළ 29578 දෙනකු අයදුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඉන් අයදුම්කරුවන් 5294ක් එක්දින සේවය සඳහා ද 24285ක් සාමාන්‍ය සේවය සඳහා ද අයදුම්පත් ඉදිරිපත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පසුගිය ජූනි15 වනදා ආරම්භ කෙරුණා.

එදින සිට ගත වූ දින 30ක් තුළ මෙම අයදුම්පත් 29579 ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අයදුම්කරු නම ලියාපදිංචි කිරීම් සඳහා, නම් කර ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51න් ඕනෑම ස්ථානයකට පැමිණීම අවශ්‍ය වන අතර අන්තර්ජාලය හරහා හෝ ලංකා බැංකුවේ ශාඛාවකට පැමිණීමෙන් අදාළ ගෙවීම් සිදු කළ හැකියි.

මෙම ක්‍රමය මත බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට තිබූ දීර්ඝ පෝලිම් ද අවසන් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06