පාසල් සිසුවියන් සහ උසස් අධ්‍යාපනය හදාරන තරුණියන් ගණනාවක් සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වා ගෙන යමින් ඔවුන් මහනුවර දෙවන රාජසිංහ මාවතේ ලැගුම් හලක් වෙත රැගෙන ගොස් මත් කොට දූෂණය කර එම නිරුවත් දර්ශන සැලසුම් සහගතව කාමුක චිත්‍රපට ආකාරයෙන් වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැරි බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත් වූ මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පාසල් සිසුන් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා පාසලක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුවියක් හා රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු ඇගේ මව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ කළ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනා මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජනවාරි මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
තමා සංචාරක නිකේතනයකට රැගෙන ගොස් පෙම්වතා විසින් බීම වර්ගයක් සමඟ මත්ද්‍රව්‍යක් මිශ්‍රකර තමාට ලබාදුන් බවත් ඉන් පසු සිදු වූ කිසිවක් මතක නොමැති බවත් පාසල් සිසුවිය පොලීසියට පවසා තිබේ.
පැමිණිල්ල කළ සිසුවිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන සිසුන් දෙදෙනා අතරින් එක් අයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. ඔහු සිසුවියගේ නිවසේදීම අවස්ථා කිහිපයකදී ඇයව දූෂණයට ලක්කර තිබෙන බව පොලිස් විමර්ශන මගින් හෙළිව ඇත.
පසුව ඔහු එම ප්‍රේම සම්බන්ධය අත්හැර තිබෙන අතර ඊට දින කිහිපයකට පසු වෙනත් සිසුවෙකු දිගින් දිගටම ඇයගේ දුරකතනයට කෙටි පණිවිඩ මගින් ප්‍රේමය ප්‍රකාශ කර ඇත.
ඒ බව පැරණි පෙම්වතාට දැනුම් දුන් අවස්ථාවේ තමන් අලුතින් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බැවින් කැමැති දෙයක් කරන ලෙස ඔහු සිසුවියට පවසා තිබේ.
කෙටි කලකදී සිසුවිය කෙටි පණිවිඩ එවූ සිසුවා සමඟ ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇත. එම සම්බන්ධය ආරම්භ කොට ටික දවසකින් පෞද්ගලික පංතියක් නිමවූ අවස්ථාවේ නිවසට ඇරලවන බව පවසා ඔහු ඇයව ත්‍රිරෝද රථයකින් දෙවන රාජසිංහ මාවතේ පිහිටි ලැගුම් හලක් වෙත රැගෙන ගොස් බීමට යමක්දී මත් කර දූෂණය කර එම නිරුවත් කාමුක දර්ශන වීඩියෝ ගතකර ඇයගේ නිරුවත් දර්ශන රැසක් රූගත කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් හෙළිව තිබේ.
ඉන්පසු එම දර්ශන සිසුවියගේ දුරකතනයට යොමු කරමින් බියකර නිතර, නිතර ඇයව අදාළ අවන්හල වෙත රැගෙන යමින් දූෂණයට ලක්කර තිබෙන අතර ඇගේ පළමු පෙම්වතා ද ඊට සම්බන්ධ වෙමින් සිසුවියගේ නිරුවත් දර්ශන මිතුරන්ගේ ජංගම දුරකතන වලට මෙන්ම අන්තර්ජාලයටද යොමුකර තිබෙන බව මහනුවර මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.
සැකපිට අත්අඩංගුවට ගත් එක් සිසුවෙකුගේ ජංගම දුරකතනයේ තිබී පාසල් සිසුවියන්ද ඇතුළුව ඔහු විසින් දූෂණය කළ බවට සැක කරන තරුණියන් රැසක ගේ කාමුක නිරුවත් වීඩියෝ දර්ශන සොයා ගෙන තිබේ. මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි එකම පුද්ගලයකුට අයත් ලැගුම්හල් දෙකකට මෙම සිසුවිය රැගෙන ගොස් තිබෙන අතර බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු කිසිදු සොයා බැලිල්ලකින් තොරව පාසල් සිසුන්ට එහි නවාතැන් ලබා දුන් එහි හිමිකරු හා කළමනාකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 22 දින දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
අන්තර් ජාලයට මුදාහැර තිබූ නිරුවත් දර්ශන සහිත වීඩියෝව සිසුවිය අධ්‍යාපනය ලබන මහනුවර බාලිකා විද්‍යාලයටද දක්නට ලැබී තිබේ. ඉන්පසු පාසලේ පාලනාධිකාරිය විසින් සිසුවිය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ. මෙම සිදුවීමට සම්බන්ධ සිසුවිය මෙන්ම උසස් පෙළ හදාරන සිසුන්ද මහනුවර පාසල්වල අධ්‍යාපනය හදාරන්නන් වන අතර මහනුවර අවට පදිංචිකරුවන් බවද පැවසේ
මෙම කාමුක දර්ශන මුදල් ලබාගෙන අන්තර්ජාලය වෙත යොමු කොට ඇත්දැයි සැකය මත විශේෂ විමර්ශනයක්ද ආරම්භ කොට තිබේ




