පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව තැපැල් මුද්දරයක් (ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා රුපියල් 50ක වටිනාකමින් යුත් නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් නිකුත් කර තිබෙනවා.

අද එම කටයුතු සිදු කෙරුණේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පුස්තකාලයේදී යි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදු වූ අතර මේ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විවිධ තැපැල් අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහභාගී වුණා.

එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, තැපැල්පති එම්.ආර්.පි. සත්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !