පාර්ලිමේන්තුවේ පිපිරුණු ගෑස් සිලින්ඩරය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුපුරා යෑම පිලිබද ඊයේ දිනයේ රට හදන තැන ලොකු කතාබහක් ඇති කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාව අමතමින් ඒ සම්බන්ධව දිගු අදහස් දැක්වීමක් කලා.

“දැක්ක දැක්ක තැන ගෑස් පෝලිම් තියනවා.
එතකොට ගෑස් පෝලිමේ ඉදන් ගෙදර ගේන සිලින්ඩරයේ ආරක්ශිතභාවය පිලිබඳ විශාල ගැටලුවක් නිර්මානය වෙලා තියනවා.
දැන් මම ඔබ තුමාට කියන්න කැමති හිටපු විධායක අධ්‍යක්ෂ තුශාන් ගුණවර්ධන මැතිතුමා , විශේෂයෙන් බියුටේන් ප්‍රෝපේන් ප්‍රතිශතය අසූවයි විස්සට තියෙන්න ඕනේ එක පනහයි පනහා කරා කියලා චෝදනා කරනවා.

ඒ වගේම මේ පනහයි පනහා බවට පත් කිරීම තුළ ප්‍රෙශර් එකේ ,පීඩනේ වෙනසක් සිදු වෙලා පිපිරීමට තුඩු දෙන වෙනසක් වෙයි කියලා බලශක්ති විශේෂඥ නිමල් සිල්වා මහත්තයා කියනවා.

ඒ වගේම ගෑන් සමාගම් කියනවා සංයුතියේ වෙනසක් සිදු වුණේ නැහැ කියලා.

ඒ වගේ ම කියනවා අපේ අමාත්‍යවරයා කිසි ගැටලුවක් නැහැ පරීක්ෂණ පවත්වලා තියෙන්නේ ඔක්කොම හරි කියලා කියනවා.

ඉතින් ගරු කථානායක තුමනි මම මේ අවස්ථාවේ අවධාරනය කරන්න කැමති , මේ ගැටලුව සම්බන්ධයෙන් ඇමතිවරයා කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහිමකට පත් වෙන්න බැහැ.

මොකද මේක මිනිස්සුන්ගේ ජීවිත පිළිබද ප්‍රශ්නයක් , මිනිසුන්ගේ ආරක්ෂාව පිලිබඳ ප්‍රශනයක්.ඇත්ත වශයෙන්ම කථානායක තුමනි ජාතික ආරක්ශාව පිළිබද ප්‍රශනයක්.

එක පැත්තකින් ගෑස් පෝලිම , අනිත් පැත්තෙන් පෝලිමේ ඉදලා ගෙදර ගෙනියන ගෑස් සිලින්ඩරේ සුරක්ශිතභාවය.

ඉතින් මේ භයන්කාර තත්වය තුල මම ඉල්ලීමක් කරනවා ඇමතිවරුන්ගෙන් මේ ප්‍රශ්නය මග හැර යන්න එපා කියලා. මේ වනවිට හරවත් සාක්ෂි සහිත පැහැදිලි පිලිතුරක් රටේ ජනතාවට ලබා දෙන්නට රජය අපොහොසත් වෙලා තියනවා.

කරුණාකරලා මේ මිනිසුන්ගේ හිතේ තියන මේ බිය සැක සංකාව තුරන් කරන්නට රජය පැහැදිලි පියවරක් ගන්න.මේ වැල්වටාරම් උත්තර වලින් ඇමති වරුන්ගේ ජනතාව සෑහීමට පත් වෙන්නේ නෑ.මෙතන මොනයක්ම හෝ ගැටලුවක් තියනවා.ඉතින් මොකක්ද මේකේ සත්‍යය….
අපිට අවශ්‍යයි තොරතුරු දත්ත සහිත පැහැදිලි කිරීමක් රටට..

අපිට විතරක් නෙමෙයි ලක්ශ දෙසිය විස්සක් වූ රටේ ජනතාවට..”

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා ප්‍රකාශ කර සිටියේ අවම වශයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හෝ මේ සදහා පත් කරන ලෙසයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?