AFC Banner
AFC Banner
Empty Ad

පාන් රාත්තලක් තුළ තිබූ මත් පෙති

මත්පෙති ජාවාරමේ යෙදුණ පුද්ගලයෙකු මත් පෙති 1793ක් සමග බදුල්ලේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බදුල්ල මහියංගණය මාර්ගයේ ඖෂධ අලෙවි සැලක පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මත්පෙති බෙදා හරින බවට එම කඳවුරේ නිලධාරීන් හට ලද තොරතුරක් මත උපාය දුතයෙකු යොදවා ගනිමින් මෙම ඖෂධ ශාලාව හදිසියි පරික්ෂාවට ලක්කර තිබෙනවා. එම පරික්ෂාවේදි මත්පෙති 1705 සහ පාන් රාත්තලක් තුළ සඟවා තිබූ මත් පෙති 88 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම මත්පෙති තොගය බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන්ට භාරදීමට කටයුතු කර තිබෙනවා.

මෙම ඖෂධ ශාලා හිමිකරුට එරෙහිව නිතිමය කටයුතු සිදුකර නඩු පැවරිමට කටයුතු කරන බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන් පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?