පානදුර නිලංගගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් කැඳවීමට සී.අයි.ඩීයට අවසර

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර සිටින පානදුර නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම සැකකරු විසින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් අපරාධ ක්‍රියා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා එම බැංකු ගිණුම් දෙකේ මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදු කිරීමට අවශ්‍ය වී තිබෙන බව පොලිසිය පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් දෙක පරීක්ෂා කර වාර්තා කැඳවීම සඳහා අදාළ බැංකු දෙකට නියෝග නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47