පානදුර නිලංගගේ බැංකු ගිණුම් ගැන වාර්තාවක් කැඳවීමට සී.අයි.ඩීයට අවසර

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කර සිටින පානදුර නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන මෙම සැකකරුගේ බැංකු ගිණුම් දෙකක් හරහා විශාල වශයෙන් මුදල් සංසරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම සැකකරු විසින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් හා අනෙකුත් අපරාධ ක්‍රියා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා එම බැංකු ගිණුම් දෙකේ මුදල් සංසරණය වී ඇති ආකාරය පිළිබඳ විමර්ශන සිදු කිරීමට අවශ්‍ය වී තිබෙන බව පොලිසිය පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අදාළ බැංකු ගිණුම් දෙක පරීක්ෂා කර වාර්තා කැඳවීම සඳහා අදාළ බැංකු දෙකට නියෝග නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම පිළිගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා - "නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති අනුර සෙනඟ මැදින් නොච්චියාගම වේදිකාවට
02:51
Video thumbnail
තිස්සකුට්ටි මහත්තයෝ එන්න නොච්චියාගමට ඇවිත් බලාගන්න - මේ දර්ශනය ඇත්තටම චිත්‍රපටියකට ගන්න ඕනි
08:22