ප්‍රියමාලි ගැන රන්ජන් කතා කරයි

රුපියල් කෝටි 7ක මුදලක් තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාවගේ ආයතනයේ ආයෝජනය කළ බවට රන්ජන් රාමනායක මහතා වෙත විවිධ මාධ්‍ය ඔස්සේ චෝදන එල්ල වීම සම්බන්ධව රන්ජන් රාමනායක මහතා පිළිතුරු ලබා දි තිබෙනවා

ඒ අනුව රන්ජන් රාමනායක මහතා පැවසුවේ, තිලිණි ප්‍රියමාලි කියන කාන්තාව දැක නැති බවත්. අඳුනන්නෙත් නැති බවත් ඔහු අවුරුද්දයි මාස හතයි දවස් දාහතරක සිරගතව සිටි බවත්ය.

ඒ නිසා මේ කාන්තාව එක්ක බිස්නස් කර කියන චෝදනාව මට එල්ල කරන්න බැහැ යැයි ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා මෙසේද පැවසීය

මේ කාන්තාව එක්ක බිස්නස් කරානම් මං සීඅයිඩී එකෙන් හරි පොලිසියෙන් හරි දැනුම් දීමක් කරන්න ඕනේ කටඋත්තර දෙන්න එන්න කියලා. මේ වෙනකල් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. ඒ නිසයි මම නිහඬව හිටියේ. පිටරට ඉඳලා ක්‍රියාත්මක වන මඩ වෙබ් සයිඩ් කීපයකින් තමයි මේ මඩ ප්‍රචාර මට එල්ල කරන්නේ.

මේ කාන්තාව නිෂ්පාදනය කරන්න හදපු චිත්‍රපටයේ මුහුරත් උළෙලට මම ගියේ නැහැ. මගේ වෙලාවට ඒ මුහුරත් උළෙල පැවැත්වෙන කොට මම හිටියේ හිරගෙදර. ඒ නිසා මට එල්ල වන චෝදනා පදනම් විරහිත ඒවා යැයි රන්ජන් රාමනායක මහතා පැවසීය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33
Video thumbnail
තමුසෙනේ පි#සා ඕයි - දිවුලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් - පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා යකා නටයි..
15:49
Video thumbnail
සක්#ලි ආණ්ඩුව, අනුරට ## දෙනවා - රෙද්ද උස්සගෙන දුන්නනේ
10:41
Video thumbnail
අනවසර ගොඩනැගිලි නිසා බලන්ගොඩ න. සභාව උණුසුම් - මාලිමාවේ අයගේ අනුග්‍රහයෙන් කරපු දෙයක් ?
09:48
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12