Indian Premier League

ප්‍රියමාලි ගැන රන්ජන් කතා කරයි

රුපියල් කෝටි 7ක මුදලක් තිලිණි ප්‍රියමාලි නමැති කාන්තාවගේ ආයතනයේ ආයෝජනය කළ බවට රන්ජන් රාමනායක මහතා වෙත විවිධ මාධ්‍ය ඔස්සේ චෝදන එල්ල වීම සම්බන්ධව රන්ජන් රාමනායක මහතා පිළිතුරු ලබා දි තිබෙනවා

ඒ අනුව රන්ජන් රාමනායක මහතා පැවසුවේ, තිලිණි ප්‍රියමාලි කියන කාන්තාව දැක නැති බවත්. අඳුනන්නෙත් නැති බවත් ඔහු අවුරුද්දයි මාස හතයි දවස් දාහතරක සිරගතව සිටි බවත්ය.

ඒ නිසා මේ කාන්තාව එක්ක බිස්නස් කර කියන චෝදනාව මට එල්ල කරන්න බැහැ යැයි ජනප්‍රිය චිත්‍රපට නළු රන්ජන් රාමනායක මහතා කියා සිටියා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ රාමනායක මහතා මෙසේද පැවසීය

මේ කාන්තාව එක්ක බිස්නස් කරානම් මං සීඅයිඩී එකෙන් හරි පොලිසියෙන් හරි දැනුම් දීමක් කරන්න ඕනේ කටඋත්තර දෙන්න එන්න කියලා. මේ වෙනකල් එහෙම දැනුම් දීමක් කරලා නැහැ. ඒ නිසයි මම නිහඬව හිටියේ. පිටරට ඉඳලා ක්‍රියාත්මක වන මඩ වෙබ් සයිඩ් කීපයකින් තමයි මේ මඩ ප්‍රචාර මට එල්ල කරන්නේ.

මේ කාන්තාව නිෂ්පාදනය කරන්න හදපු චිත්‍රපටයේ මුහුරත් උළෙලට මම ගියේ නැහැ. මගේ වෙලාවට ඒ මුහුරත් උළෙල පැවැත්වෙන කොට මම හිටියේ හිරගෙදර. ඒ නිසා මට එල්ල වන චෝදනා පදනම් විරහිත ඒවා යැයි රන්ජන් රාමනායක මහතා පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
89
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?