ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ සතිය අගදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.
වාර්තාවන්ට අනුව, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැපුවා නිව්ගිනියාවේ සිට සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, මෙම ඓතිහාසික සංචාරය පිළිබඳව මෙරට රජය තවමත් නිල වශයෙන් දැනුම්දීමක් කර නැහැ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මෙම සතියේ නිරිතදිග පැසිෆික් කලාපයට ප්‍රථමයෙන් ගමන් කර
අතර, ඔහුගේ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය ශක්තිමත් කිරීමට සහ කලාපය තුළ ප්‍රංශයේ භූමිකාව යළි තහවුරු කිරීමට එම සංචාරයේ සැලසුම වී තිබෙනවා.
දින පහක සංචාරය ජූලි 24 වන දින නිව් කැලිඩෝනියාවේ ප්‍රංශ දූපත් සමූහයෙන් ආරම්භ වූ අතර පසුව වනුවාටු සහ පැපුවා නිව්ගිනියාවේ නැවතුම් වේ.
ඉන් අනතුරුව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ශ්‍රී ලංකාවේ කෙටි නැවතුමකට පැමිණීමට නියමිතය.
ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අවසන් වරට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සමඟ සුහද කතාබහක නිරත වූයේ ඉකුත් ජූනි මස පැරිසියේ පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ සමුළුවේ රාජ්‍ය නායක සැසියේදීය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් ප්‍රකාශයට පත් කළ රටවල් සමූහයේ ප්‍රංශය ද කොටසකි.