ප්‍රංශ ජනපති හෙට ශ්‍රී ලංකාවට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මේ සතිය අගදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

වාර්තාවන්ට අනුව, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැපුවා නිව්ගිනියාවේ සිට සිකුරාදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, මෙම ඓතිහාසික සංචාරය පිළිබඳව මෙරට රජය තවමත් නිල වශයෙන් දැනුම්දීමක් කර නැහැ.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් මෙම සතියේ නිරිතදිග පැසිෆික් කලාපයට ප්‍රථමයෙන් ගමන් කර
අතර, ඔහුගේ ඉන්දු-පැසිෆික් උපායමාර්ගය ශක්තිමත් කිරීමට සහ කලාපය තුළ ප්‍රංශයේ භූමිකාව යළි තහවුරු කිරීමට එම සංචාරයේ සැලසුම වී තිබෙනවා.

දින පහක සංචාරය ජූලි 24 වන දින නිව් කැලිඩෝනියාවේ ප්‍රංශ දූපත් සමූහයෙන් ආරම්භ වූ අතර පසුව වනුවාටු සහ පැපුවා නිව්ගිනියාවේ නැවතුම් වේ.

ඉන් අනතුරුව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ශ්‍රී ලංකාවේ කෙටි නැවතුමකට පැමිණීමට නියමිතය.

ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අවසන් වරට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සමඟ සුහද කතාබහක නිරත වූයේ ඉකුත් ජූනි මස පැරිසියේ පැවති නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වූ සමුළුවේ රාජ්‍ය නායක සැසියේදීය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය කිරීම සඳහා ද්විපාර්ශ්වික ණය හිමියන් අතර සාකච්ඡා සඳහා පොදු වේදිකාවක් ප්‍රකාශයට පත් කළ රටවල් සමූහයේ ප්‍රංශය ද කොටසකි.

  1. ENA EKA LOKU DEYAK, LOKKATA WAGEMA MULU 3 LOKETAMA KICHA KARALA BALU KARALA PAWADEELA THIYENA RATATA SULU HARI PILI GANEEMAK. NAMUTH MUKUTH LABENNE NAHE. ETHEK METHEK SITI LOKUMA EUROPE+USA+UK GATHTHA UNA HITAPU MIYAGIYA JRJ TATH KISIMA DEYAK FRANCE WALIN GANNA BERI UNA. EYA UK,GERMANY,SWEDEN,JAPAN,USA RATA WALIN MONAWAMA HO WATINA SUPPORT EKAK GATHTHA. FRANCE WALIN BERI UNA. EYAGE KALAYE FRANCE COMMUNIST, EHE LOKKA FANSHUWA MITHAROND. JRJ ANTHA DAHSHINASHIKA ANTHA LIBERAL NISA NOGENWUWA WENNA HAKIYI



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57