පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන්

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අත්හැර දමා තිබෙනවා.

ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කරන විට පිළිතුරු ඉනිම වෙුනවෙන් පන්දුවට පහරදෙමින් සිටි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 4ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 12ක්.

දිල්ෂාන් මදුෂංක එම කඩුලු දෙක බිඳහෙලා තිබෙනවා.

තරගය ජය ගැනීම සඳහා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ කණ්ඩායමට ලබාදුන් ඉලක්කය ලකුණු 274ක්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.

මෙම තරගයේදී ශතකයක් වාර්තා කිරීමට චරිත් අසලංක සමත්වුණා. පන්දු 91කින් ඔහු මෙලෙස රැස් කළේ තම 3 වන එක්දින ශතකයයි. දුවද්දී දැවී යාමකට හසුවූ ඔහු පිටියෙන් ඉවත්වන විට ලකුණු 101ක් ලබා සිටියා. ඔහුගේ ශතකයට හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් ඇතුලත්.

නායක කුසල් මෙන්ඩිස් 46යි. සධීර සමරවික්‍රම ලකුණු 41යි.

පන්දු යැවීමේදී Richard Ngarava, Blessing Muzarabani සහ Faraz Akram කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය ලබන සඳුදා (08) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එය ද පැවැත්වෙන්නේ දිවා රාත්‍රී තරගයක් ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14