Empty Ad
AFC Banner
Empty Ad

පයිලට්ගේ ගමන් බෑගයත් රැගෙන ගුවන්තොටුපොළෙන් පැන්න කත ගෙදරටම ගිහින් අල්ලයි

ගුවන් නියමුවරයෙකුගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පලා ගිය කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු කාන්තාව වයස අවුරුදු 45ක වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව අද උදෑසන 08.38ට අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව සියලුම ගුවන් මගීන් ගුවන් යානයෙන් බැස ගිය පසු ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

පසුව ඔවුන් ගුවන් තොටුපොළ නිශ්කාශන කටයුතු නිමාකර සිය ගමන් මළු රැගෙන ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සූදානම් වනවිට ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබෙනවා.

පසුව ඒ පිළිබඳ ඉටිහාඩ් ගුවන් සේවයේ කළමනාකාරවරිය දැනුවත් කිරීමෙන් පසු, ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ගේ ද සහාය ඇතිව ආරක්ෂිත කැමරා පද්ධතිය නිරීක්ෂණය කර ඇති බව සඳහන්.

එහිදී මෙම ගුවන් යානයෙන් පළමුවෙන්ම බැස ගත් කාන්තාවක්, ගුවන් නියමුවාගේ ගමන් බෑගය ද රැගෙන වහා ගුවන් තොටුපොළ වෙනත් ස්ථානයකට ගොස් එම ගමන් බෑගය ඇය සිය බඩු බාහිරාදිය රැගෙන යන ට්‍රොලි කරත්තය තුළ සඟවා ගන්නා ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ,අනුව වැඩිදුරටත් එම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ දී , ඇය ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණ, ත්‍රිරෝද රථයක නැගී පිටත්ව යන ආකාරය ද එහි සටහන්ව තිබෙනවා.

අනතුරුව එම ත්‍රිරෝද රථය හඳුනාගන්නා ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට දන්වා ත්‍රිරෝද රථයේ රියැදුරුවරයා සොයාගෙන ඇති බව සඳහන්.

පසුව ඔහුගේ තොරතුරු මත වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි එම කාන්තාවගේ නිවෙස වෙත ගොස් ගුවන් නියමුවාගේ ගමන් බෑගය ද සමඟ සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය සොරාගත් ගමන් බෑගය ද සමඟ අද දිනයේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
14
+1
4
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැලිවිට ළිඳකින් මතු වූ ආයුධ...
01:14
Video thumbnail
ප්‍රශ්නය මම නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා - රනිල් තිස්සට රහසින් කියයි
08:29
Video thumbnail
තිස්ස අත්තනායක සජබයෙන් නෙරපයි ?සුජීව එක්ක තියෙන හුටපටේ ඇවිලෙයි
16:53
Video thumbnail
සජිත් අගමැති කරන්න මුළු පාර්ලිමේන්තුවම කැමතියි - කතානායකට ලිපියකුත් දෙයි
16:24
Video thumbnail
බංකොලොත් රට හැදෙන්න දශකයක් යනවා - ජනපති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
28:02
Video thumbnail
PRAHARAYA | සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:27:18
Video thumbnail
අනුර ජනාධිපති වුණු මාස්ටර් ප්ලෑන් එක - රනිල් ඉල්ලුවේ නැත්නම් සජිත් ජනාධිපති
06:43
Video thumbnail
රනිල් වික්‍රමසිංහ තිස්සට ආදරෙයි - ඒක වරදවා වටහා ගන්න එපා
06:33
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ?
00:53
Video thumbnail
තිස්ස යන යන පැත්ත පරාදයි නේද ? ඔය කතා කියන්නේ මානසික රෝගීන්
08:40

?