පයාගල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගුටි බැට හුවමාරුවක්

පයාගල ප්‍රදේශයේ ජාතික පාසලක උසස් පෙළ පංති දෙකක සිසුන් පිරිසක් අතර අද (23) දහවල් ගැටුමක් හටගෙන තිබෙනවා.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුන් තිදෙනකු ප්‍රතිකාර සඳහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

රෝහල් ගතකර ඇති සිසුන් තිදෙනාගේ හිස, අත් සහ මුහුණ පෙදෙස්වලට තුවාල සිදුව ඇති අතර ඔවුන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් රෝහල වෙත රැගෙන ඇවිත් ඇති බව සඳහන්.

මෙම ගැටුමෙන් සුළු තුවාල ලැබූ තවත් දහයකට අධික සිසුන් පිරිසක් නිවෙස්වලට ගොස් ඇතැයි ද සඳහන්.

ගැටුම සම්බන්ධයෙන් පාසලේ මාව්පියන් කිහිප දෙනෙකු විසින් පොලිසියට පැමිණිලි ඉදිරිපත්කර ඇති බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?