නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගයේ වළවල් කපා මැණික් ඉල්ලම් ගොඩ අරන් – ජාවාරම්කරුවන් පළා යයි

නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගය ස්ථාන කිහිපයක් කිසියම් පිරිසක් විසින් හාරා එම වළවල්වල තිබූ මැණික් ඉල්ලම් සහිත පස් ගොඩගෙන තිබෙනවා.

දින දෙකක සිට ජාවාරම්කරුවන් පිරිසක් මෙලෙස තේ වතුයායේ කොටසක සහ නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගයේ විශාල වළවල් හාරා ඒවායේ තිබූ මැණික් ඉල්ලම් සහිත පස් රැගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ (01) රාත්‍රියේ නෝර්වුඩ් ආදාහනාගාරයට පිවිසෙන මාර්ගයේ පොලිසිය විසින් වැටලීමක් සිදුකර තිබුණා.

එහිදී ජාවාරම්කරුවන් පිරිස පළාගොස් ඇති අතර, වළවල් කපා රැගෙන යෑම සඳහා මළුවල පුරවා තිබූ ඉල්ලම් සහිත
පස් බෑග් කිහිපයක් සහ ඉල්ලම්කූරු 40ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ඉල්ලම් පිරවූ මළු සහ මැණික් ඉල්ලම් කැපීමට උපයෝගී කරගත් උපකරණ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත (02) දින ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37