spot_imgspot_img
spot_img

නීතිවිරෝධී ලෙස මත් කරල් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සෙට්ටිකුලම් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක දී තහනම් සහ නීතිවිරෝධී මත් කරල් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ මැදවච්චිය පොලිස් වසමේ වහමල්ගොල්ලෑව හන්දියේ දීයි.

එහි දී හඳුනා නොගත් මත්කරල් 50 ක් සමග වහමල්ගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු මැදවච්චිය පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?