නිධන් හෑරූ 12ක් අත්අඩංගුවට

නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 12 දෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන සහ අද අලුයම පොලිසිය මෙම වැටලීම් සිදුකර ඇත්තේ නවගත්තේගම, රජවිගම සහ දඹුල්ල, මොරගොල්ලෑවත්ත ප්‍රදේශවලදීයි.

ඊයේ උදෑසන රජවිගම ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරන බවට නවගත්තේගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී කැණීම් කරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කැණීම් කිරීමට යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින්.

අවුරුදු 31 සහ 42 අතර වයස්වල පසුවන සැකකරුවන් කැලේවැව, කටුපොත, ජා ඇල සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අද අලුයම දඹුල්ල මොරගොල්ලෑවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීමක් සිදු කරන බවට දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර තිබෙනවා.

පොලිසිය කළ වැටලීමේදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කැණීම් කිරීමට යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද සමගින්.

මහියංගණය, පූජාපිටිය සහ බටුගොඩ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අවුරුදු 29ත් 68ත් අතර වයස්වල පසුවන පිරිසක්.

ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25