spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නිධන් හෑරූ 12ක් අත්අඩංගුවට

නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි 12 දෙනෙකු ප්‍රදේශ දෙකකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන සහ අද අලුයම පොලිසිය මෙම වැටලීම් සිදුකර ඇත්තේ නවගත්තේගම, රජවිගම සහ දඹුල්ල, මොරගොල්ලෑවත්ත ප්‍රදේශවලදීයි.

ඊයේ උදෑසන රජවිගම ප්‍රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් සිදු කරන බවට නවගත්තේගම පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී කැණීම් කරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කැණීම් කිරීමට යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ සමගින්.

අවුරුදු 31 සහ 42 අතර වයස්වල පසුවන සැකකරුවන් කැලේවැව, කටුපොත, ජා ඇල සහ නුගේගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර අද අලුයම දඹුල්ල මොරගොල්ලෑවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක නිධන් ලබා ගැනීමේ අරමුණින් කැණීමක් සිදු කරන බවට දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව වැටලීමක් සිදු කර තිබෙනවා.

පොලිසිය කළ වැටලීමේදී සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ කැණීම් කිරීමට යොදාගත් උපකරණ සහ පූජා භාණ්ඩ ද සමගින්.

මහියංගණය, පූජාපිටිය සහ බටුගොඩ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් අවුරුදු 29ත් 68ත් අතර වයස්වල පසුවන පිරිසක්.

ඔවුන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?