නැමීබියාවෙන් ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අරඹමින් සිදුසුකම් ලබා ගැනීමේ වටයේ පළමු තරගය අද (16) ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර ආරම්භ වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 07ක් දැවී ලකුණු 163ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 164ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

නැමීබියානු කණ්ඩායම වෙනුවෙන් ජෑන් ෆ්රිල්ලික්ස් ලකුණු 44ක් රැස්කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුෂාන් කඩුලු 02ක් බිඳ දැමීමට සමත් වුණා.

මේ අතර 2022 ලෝක කුසලාන තරගාවලියේ පළමු කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සමත් වීම විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51