නාරම්මල පොලීසියේ ක්‍රයිම් OICගේ සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

නාරම්මල පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ නාරම්මල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ එම අංශයේ ම සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේයි.

පසුගිය නොවැම්බර් මස 30 වනදා නාරම්මල – මීගමුව පාරේ පිහිටි ව්‍යාපාරික ආයතනයක් බිඳ එහි තිබූ දේපළ සොරකම් කර ඇති බවටවන පැමිණිල්ලක් නාරම්මල පොලීසියට ලැබී තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදුනොකිරීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමටයි පොලිස් අධිකාරීවරයා මෙලෙස කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11