spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නාරම්මල පොලීසියේ ක්‍රයිම් OICගේ සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

නාරම්මල පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කර තිබෙනවා.

ඊයේ (04) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ නාරම්මල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ එම අංශයේ ම සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේයි.

පසුගිය නොවැම්බර් මස 30 වනදා නාරම්මල – මීගමුව පාරේ පිහිටි ව්‍යාපාරික ආයතනයක් බිඳ එහි තිබූ දේපළ සොරකම් කර ඇති බවටවන පැමිණිල්ලක් නාරම්මල පොලීසියට ලැබී තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශණයක් සිදුනොකිරීම හේතුවෙන් මෙම පොලිස් නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමටයි පොලිස් අධිකාරීවරයා මෙලෙස කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
13
+1
1
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?