Empty Ad
Empty Ad
 Empty Ad

නාරම්මල පොලිස් වෙඩිල්ලේ සිද්ධියට මිලියන 200ක වන්දියක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන් නාරම්මල පොලිසියේ නිලධාරීයෙකු විසින් ලොරි රථ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීම තුළින් සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සිද්ධියෙන් මියගිය රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ.ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම්කර තිබෙනවා.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තමන් තිදරු මවක් බවත්, ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියකින් ගමන් කරමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු මරණයට පත් වූ බවයි.

මීට අදාළව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එම පෙත්සමේ සඳහන් වෙනවා.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිසිය විසින් එල්ලකල වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඒ, වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය වාහන පරීක්ෂා කිරීමේ දී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අද (16) දින නාරම්මල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024.03.01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේවා ඇත්තටම කියන්න කණගාටුයි !
07:27
Video thumbnail
අපේ රටේ පර්යේෂකයන්ට මල් තියලා වඳින්න ඕනි - මහාචාර්ය ගෝමික උඩුගමසූරිය විශේෂ හෙළිදරව්වක්
07:47
Video thumbnail
PRAHARAYA | තාක්ෂණය සම්බන්ධ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරිය සහභාගීවන ප්‍රහාරය
01:25:31
Video thumbnail
රටකට ප්‍රතිපත්ති අතිශ්‍ය වැදගත් - ප්‍රතිපත්ති මත නොගිය නිසා රටට මෙහෙම උණේ
04:58
Video thumbnail
ඇමරිකාවේ දේවල් දාලා ලංකාව වෙනුවෙන් ආපු මහාචාර්ය ගෝමික උඩුගමසූරිය...
05:34
Video thumbnail
මිහින්තලා පුද බිමේ දූෂිත ක්‍රියා හෙළි කළ දසතට පාතාලය ජීවිත තර්ජනය කරයි
10:00
Video thumbnail
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ජවිපෙ ප්‍රධන ලේකම් ටිල්වින් සිල්වා අතර හමුවක්
01:03
Video thumbnail
කාදිනල් හිමිගෙන් කථානායකට සුභ පැතුම්
01:50
Video thumbnail
කෝටි විසිදෙකක් වටිනා අයිස් සහ හෙරෝයිනුත් සමග උනාපුරුවේ ශාන්ත ගේ දේමස්සිනාලා STF දැලේ
02:33
Video thumbnail
කථානායකගෙන් කාදිනල් හිමිට ප්‍රතිඥාවක්
01:37

?