AFC Banner
AFC Banner
Empty Ad

නාමල් රාජපක්ෂ CID වෙත – ‘අවබෝධයෙන් කට උත්තර දීලා යන්නම්’

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

හිටපු මන්ත්‍රීවරයා අද (24) පෙරවරු 9ට පමණ පැමිණි බවයි වාර්තා වන්නේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව සඳහන් කරමින් නාමල් රාජපක්ෂ මහතා මෙහි පැමිණියා.

එහි සිටි මාධ්‍යවේදීන් විමසා සිටියේ කුමන හේතුවක් මත ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති ද යන්නයි.

එම අවස්ථාවේ දී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ; තමන් කාරණාව නොදන්නා බවත්; අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන්ව කැඳවන එක වඩාත් සුදුසු බවයි.

ඊට හේතුව තමන් ඇතුළු පිරිසට ඇති චෝදනා ඉවත් කරගැනීමට ඇති එකම ක්‍රමය පැමිණ ප්‍රකාශ ලබාදීම බවයි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.

අවබෝධයෙන් බොරු පැවසූ පිරිසක් මැද; අවබෝධයෙන් බොරු නොපවසා අවබෝධයෙන් යුතුව කට උත්තර ලබා දී යෑමට සූදානම් බව ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
36
+1
2
+1
4
+1
0
+1
6
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?