ධානේෂ් අලීගේ සහායත් සජිත්ට – අරගල බිමේ දී සජිත්ට ගල් ගැහුවේ ජගත් මනුවර්ණ (වීඩියෝ)

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැලකෙන ධානේෂ් අලී ඉදිරි ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස හට සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා.

අද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ධානේෂ් අලී පැවසුවේ අරගලය කාලයේ දී අරගලයේ ක්‍රියාකාරීන් බොහෝ පිරිසක් සහාය දක්වන්නේ සජිත් ප්‍රේමදාස හට බවයි.

අරගල බිම ගිනිබත් කිරීමට එදා අරලියගහ මන්දිරෙන් වගේ ම ජනතා විමුක්ති පෙරමුණෙනුත් පැමිණි බවයි ධානේෂ් අලී පැවසුවේ.

අරගලකාරීන් සමග සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණි අවස්ථාවේ දී ඔහු දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කළේ වෙන කිසිවෙකු නොව ජගත් මනුවර්ණ බව ද ධානේෂ් අලී අද පැවති මාධ්‍ය හමුවේ දී පැවසුවා.

නායකයෙක් නැති අරගලේ යැයි පැවසූ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මේ වනවිට අරගලය කරේ තබාගෙන දුවන බවත්; තමන් අරගලයට එක් වූයේ හදවතින් බවත් JVP ඉතිහාසය හොඳින් දන්නා බව ද සිවිල් සංවිධාන ක්‍රියාකාරී ධානේෂ් අලී වැඩිදුරටත් සඳහන් කළා.

  1. ලක් අම්ම වගේ ලක් අප්පච්චි කෙනෙකුත් බිහි වෙලා වගේ. පව්… මුන්ට මේව මතක් වෙන්නේ දැන්නේ. දේශපාලුවන් ගෙ කටු ලෙවකන නිවට අරගලකාරයෝ🤮



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32