Fly high Get bonus Aviator Phone

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු දෙදෙනකුට නොතීසි

මාතර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25 වැනිදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට මාතර මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කර තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 10 වැනිදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

එහි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා කරුණු දක්වමින් සඳහන් කළේ හිටපු පොලිස්පතිවරයා ඇප ලබා පිටව යන අවස්ථාවේ දී ඇප කොන්දේසි කඩකළ බවත්, ඒ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ලබන 25 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කිරීමට අදහස් කර ඇති බැවින් හිටපු පොලිස්පතිවරයාට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන මෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම හිටපු පොලිස්පතිවරයාට අධිකරණ භුමියෙන් පිටව යන අවස්ථාවේ දී ආරක්ෂාව දෙන්නැයි කළ ඉල්ලීම ද එදින අධිකරණය ප්‍රතික්ෂේප කළ පසුබිමක නීතිඥවරයෙකුගේ නොවන වාහනයකින් අධිකරණ භුමිය තුළට පැමිණ ඇත්තේ ⁣පොලිස්පතිවරයාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවකු ලෙස නම් කර වෙනත් නඩුවක් පවරා ඇති පුද්ගලයා සමග බවත් ඒ පැමිණි වාහනය ද රොෂාන් නමැත්තකුට අයත් එකක් බව ද අපරාධ ප‍රීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් සඳහන් කළා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් සුදුසු නියෝග නිකුත් කරන ලෙසයි.

එම කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ලබන 25 වැනිදා දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ එම වාහනයේ රියදුරුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළ අතර එදින අධිකරණයේ ගේට්ටුව අසල රාජකාරි කළ පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස ද නියෝග කළා.

ඒ අනුව එදිනට අධිකරණය හමුවේ මේ සම්බන්ධයෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා වැඩිදුර කරුණු වාර්තා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
37
+1
2
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?