දේශබන්දුගේ පත්වීම බල රහිත කරන්න – කාදිනල් හිමිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් (වීඩියෝ)

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ නිර්දේශ සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ඊට ලබා දී තිබෙන අනුමැතිය බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් පෙත්සම ඉදිරිපත් කළා.

එහි වග උත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් කියා සිටින්නේ පොලිස් ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පොලිස්පතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනයට අදාළව අති සුවිශේෂී වූ බලතල රාශියක් පැවරී ඇති බවයි.

මෑතකදී පුරප්පාඩු වූ පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා දී තිබෙන බව නොවැම්බර් මස 25 වනදා මාධ්‍ය වාර්තා කර තිබූ බවත් පෙත්සම්කාර කාදිනල් හිමියන් පෙන්වා දෙනවා.

එම ධුරය සඳහා වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් නිර්දේශ කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර සහ ඊට අනුමැතිය ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියේ ආධිපත්‍යයට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර තිබෙන බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙනවා.

එම පරීක්‍ෂණ වාර්තාවට අනුව වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඊට අදාළව තමන් යටතේ පැවැති කතෝලික දේවස්ථානවලට නිසි ආරක්ෂාවක් සහතික කිරීමට සහ ඒ පිළිබඳ පසු විපරම් කිරීමට අසමත් වී තිබෙන බව අදාළ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබෙන බවත් කාදිනල් හිමිපාණන් පවසනවා.

ඒ, අනුව දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ කොමිසම විසින් නිර්දේශ කර තිබෙන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

ඊට අමතරව ඉකුත් 2022 වසරේ ජනවාරි මස 11 වන දා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ නියම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දේශබන්දු තෙන්නකෝන් නායකත්වය දුන් පොලිස් කණ්ඩායම මේ දක්වා කටයුතු කර නොමැති බවත් උන්වහන්සේ සිය පෙත්සමෙන් චෝදනා කළා.

එසේම 2022 වසරේ මැයි මස 9 වන දා ගාලු මුවදොර ප්‍රදේශයේ අරගලකරුවන් වෙත එල්ල කෙරුණු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බව පෙත්සමේ සඳහන් වෙනවා.

ඊට අමතරව හිටපු යුද හමුදා සෙබළපු අත්අඩංගුවට ගෙන පහරදී වධ හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පසුගියදා දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දුන් බවත් ඒ තුළින් ඔහු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් අධිකරණය විසින් නිකුත් කර තිබෙන බවත් කාදිනල් හිමිපාණන් සිය පෙත්සමේ සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් යටතේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති දුරයට පත් කරනු ලැබුවොත් නීතියේ ආධිපත්‍යය බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඒ තුළින් පුරවැසියන්ට විශාල අගතියක් සිදුවිය හැකි බවද හිමිපාණන් පෙන්වා දෙනවා.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් සිදු කර තිබෙන නිර්දේශ හා ඊට අනුමැතිය ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ලබා දී තිබෙන අනුමැතිය බල ශුන්‍ය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් උන්වහන්සේ වැඩිදුරටත් අධිකරණයෙන් අයද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
2
+1
15
+1
2
+1
3
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46