දෙවැනි නිවහනේ දොරටු මාලදිවයින් ජනාධිපති වෙනුවෙන් ඕනෑම අවස්ථාවක විවෘතයි – ජනපති අනුර

සෑම සාධනීය කටයුත්තක් සඳහාම, දෙවැනි නිවහන වන ශ්‍රී ලංකාවේ දොරටු මාලදිවයින් ජනාධිපතිවරයා වෙනුවෙන් විවෘතව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

මෙරට නිල සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකාව දිට්වා සුළි කුණාටුවට මුහුණ දුන් අවස්ථාවේ දී මාලදිවයින් රජය සහ එරට ජනතාව ලබාදුන් ශක්තිය සහ සහයෝගය ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී ගෞරවයෙන් යුතුව සිහිපත් කළා.

එමෙන්ම මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස අතර පැවති සාකච්ඡාවේ දී දෙරට අතර පවතින බහුවිධ සබඳතාවල වත්මන් තත්ත්වය සමාලෝචනය කළ බවයි ඔහු සඳහන් කළේ.

දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම සහ විවිධාංගීකරණය කිරීමට ඇති ක්‍රම පිළිබඳව මෙම සාකච්ඡාවල දී අදහස් හුවමාරු කරගත් බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා සිටියා.

එමෙන්ම සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සෞඛ්‍ය , ක්‍රීඩා, තරුණ සංවර්ධනය, ලේඛනාගාර, ආරක්ෂක අංශවල කේෂ්ත්‍රවල සහයෝගීතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම් කිහිපයක ද මාලදිවයින් රජය සමඟ අත්සන් තැබූ බවත් අනුර කුමාර ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

කලාපයේ වැදගත් ආර්ථක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව, මාලදිවයින පිළිගන්නා බවත්, මාලදිවයින සමඟ මෙම හවුල්කාරීත්වය තව දුරටත් පුළුල් කිරීම සඳහා උනන්දුවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය අද (04) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණා.

එහිදී මාලදිවයින් ජනාධිපතිවරයාට, ජනාධිපති අනුර කුමාරගෙන් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05