UPDATE: දුමින්ද දිසානායක ජුනි 26 තෙක් හිරේට

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් සතුව තිබී රන්පැහැ, T56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළා.

ඒ අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය දැනට ඇති විමර්ශන මොනවාද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ඊට අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ගිනිඅවිය එම නිවසේ තිබූ බව විමර්ශනවලින් තහවුරු කර ගත් බවයි.

ඒ අනුව අදාළ නිවස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.

ඊට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බව පෙනී යන බැවින් සියලු ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර දුමින්ද දිසානායක මහතා ලබන මස 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත්, සිංදුවලින් කළුතර න.සභාවේ දී විපක්ෂේ මන්ත්‍රී වටේටම හොඳවැයින් අමතයි
03:43
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර්වෙයි.."කළුගගේ පීනුවා වගේ මුහුදේ පීනන්න බෑ.."
11:13
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13


?