UPDATE: දුමින්ද දිසානායක ජුනි 26 තෙක් හිරේට

හැව්ලොක් නිවාස සංකීර්ණයේදී කාන්තාවක් සතුව තිබී රන්පැහැ, T56 ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ලබන 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය නියෝග කළා.

ඒ අද (19) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය දැනට ඇති විමර්ශන මොනවාද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සොයා ගත් ඊට අදාළ ලේඛන ද අධිකරණයට ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ අදාළ ගිනිඅවිය එම නිවසේ තිබූ බව විමර්ශනවලින් තහවුරු කර ගත් බවයි.

ඒ අනුව අදාළ නිවස පරීක්ෂා කිරීම සඳහා සෝදිසි වරෙන්තුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටියා.

ඊට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය විමර්ශන අවසන් නොමැති බව පෙනී යන බැවින් සියලු ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ අතර දුමින්ද දිසානායක මහතා ලබන මස 26 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23