නව ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ඊයේ (22) සිට හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
ඒ අනුව QR කේතයක් සමඟ මම නව E-Ticket පත හඳුවාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ https://pravesha.lk/en වෙබ් අඩවිය හරහා පහසුවෙන් මෙම E-Ticket පත මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.
අදාළ වෙබ් අඩවියට ඔබගේ ගමන් විස්තර ඇතුළත් කර අදාළ ටිකට් පත සඳහා මුදල් ගෙවු පසු SMS හෝ Email වෙත අදාළ ටිකට් පත ලබා ගැනීමට හැකියාව ඇති අතර එම ලැබෙන ටිකට් පතේ QR කේතය දුම්රියේදී හෝ දුම්රිය ස්ථානයේදී එහි සිටින පරීක්ෂකවරයාට පෙන්වීමේ හැකියාව පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
5
+1
+1
+1
+1




