දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන (වීඩියෝ)

පවතින වර්ෂාපතනයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දෙන්නේ, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිල්ලෙන් කාලගුණය පිළිබඳව කටයුතු කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

අද පෙරවරු 10.00 සිට හෙට (28) පෙරවරු 10.00 දක්වා අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය බලාත්මක වන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?