දියේ ගිලීමෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (24) දිනය තුල ප්‍රදේශ කිහිපයකදී දියේ ගිලීම්වලින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තැන්නේකුඹුර, තිත්තමඩම සහ ඕපාත ප්‍රදේශවලිනුයි මෙම අනතුරු වාර්තා වී ඇත්තේ.

ඊයේ දහවල් මහවැලි ගඟේ තැන්නේකුඹුර පාලම අසල තම ඥාතීන් සමග දිය නෑමට ගිය පිරිමි ළමයෙකු දියේ ගිලීමෙන් මරණයට පත්ව තිබෙනවා.

දියේ ගිලී අනතුරට ලක්වූ ඔහු ගොඩට ගෙන මහනුවර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවටයි පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ.

මෙලෙස මරණයට පත්වූයේ අම්පිටිය ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පිරිමි ළමයෙක්. මෘත ශරීරය මහනුවර රෝහලේ තැන්පත් කර ඇති අතර පල්ලෙකැලේ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

මේ අතර දැදුරු ඔයේ තිත්තමඩම ප්‍රදේශයේ දිය නෑමට ගිය පිරිසක් අතර සිටි අවුරුදු 4ක දැරියක් දියේ ගිලී මරණයට පත්වුණා.

ඊයේ සවස දියේ ගිලී බරපතල තත්වයේ සිටි දැරිය හලාවත රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවටයි වාර්තා වී ඇත්තේ. ඇය කුරුණෑගල අස්වැද්දුම ප්‍රදේශයේ පදිංචි දැරියක්.

දෙමව්පියන් සමග විනෝද චාරිකාවක් යමින් සිටියදී දිය නෑමට යාමේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

කුඩා දැරියගේ සිරුර හලාවත රෝහලේ තැන්පත් කර ඇති අතර හලාවත පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

මේ අතර ඕපාත ප්‍රදේශයේදී ඇලකට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ සවස තලංගල්ල ඇලේ තුම්මෝදර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුවයි විමර්ශන ආරම්භ කෙරුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ මල්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙක්.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර තිබෙනවා. ඕපාත පොලිසියයි පරීක්ෂණ සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03
Video thumbnail
"ගමන් ආරම්භ කරපු සැණින් පීලි පැනලා" වනවාසල දී පීලී පැන්න දුම්රිය ගැන ප්‍රබල හෙළිදරව්වක්
06:36
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12