දියණියන්ගේ නිරුවත විකිණූ මව පොලිස් අත්අඩංගුවට

තම බාලවයස්කාර දැරියන් දෙදෙනාගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා මුදල් ලබාගත් මවක් පුදුකුඩිඉරිප්පු පොලිසිය මඟින් පසුගිය 15 වනදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

34 හැවිරිදි සැකකාර මව විසින් සිය වයස අවුරුදු 06 සහ 13 යන වයස්වල පසුවන දියණියන්ගේ නිරුවත් ඡායාරුප සහ වීඩියෝ දර්ශන මෙලෙස වෙනත් පුද්ගලයින් වෙත යවා ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් 13 හැවිරිදි දැරිය විසින් පොලිසියට සිදුකළ දැනුම්දීම මත සැකකාර මව අත්අඩංගුවට ගත් බවයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මවගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේ දී එලෙස ලබාගත් ඡායාරූප සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

දැරියන්ගේ එම ඡායාරුප සහ වීඩියෝ දර්ශනවලට අමතරව සැකකාරියගේ ඡායාරූප ද එලෙස වට්ස්ඇප් මාර්ගයෙන් විවිධ පුද්ගලයින්ට යවා ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක කාලයක් රිමාන්ඩ් බන්ධනගාර ගතකරන ලෙස විනිසුරුවරයා නියෝගකර තිබෙනවා.

ඊට අමතරව සැකකාරියට සමාජ රෝග වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මේ අතර නඩුව අවසන්වන තුරු දියණියන් දෙදෙනා පරිවාස භාරයේ රඳවා තැබීමට ද නියෝගකර ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07