මාතර, වැල්ලමඩම ප්රදේශයේ වෙරළ තීරයක තිබී නාඳුනන පිරිමි පුද්ගල මළ සිරුරක් හමුව ඇති බව පොලිසිය පවසනවා
මෙලෙස මියගොස් සිටියදී සොයාගෙන ඇත්තේ, අවුරුදු 30 – 40ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් බවයි සැක කෙරෙන්නේ.
වෙරළ තීරයේ ගමන්ගත් පුද්ගලයෙක් විසින් මෙම මළ සිරුර දැක ඇති අතර, පසුව පොලිසිය දැනුවත්කිරීමෙන් අනතුරව පොලිසිය පැමිණ පරීක්ෂණ කටයුතු ආරම්භකර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී දින කිහිපයක් ගතව ඇති බවත්, මළ සිරුර හඳුනාගත නොහැකි මට්ටටම නරක වී ඇති බවත්, පොලිසිය පවසනවා.
මියගොස් සිටින පුද්ගලයා ඇඳ සිටින කලිසම යම් ගිනිගැනීමකට ලක්ව ඇති බවට ද නිරීක්ෂණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










