AFC Banner
AFC Banner
Empty Ad

දික්වැල්ල – වලස්මුල්ලේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිදුවීමකට පොලිසියට අත්‍යවශ්‍ය කර සිටි ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (03) රාත්‍රියේ දී මෙම සැකකරුව දික්වැල්ල – බඹරැන්ද සුනාමි ගම්මානයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

දික්වැල්ල පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොවැම්බර් 24 වැනිදා දික්වැල්ල – වලස්ගම දොරේමුරේ පාරේ දී පුද්ගලයෙකු ව වෙඩි තබා ඝාතනය කෙරුණා.

එහි ප්‍රධාන සැකකරු වන මොහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ නිවසේ මුළුතැන්ගෙය පිටුපස යුද හමුදා වෙඩි නොවදින කබායක්, මැගසින් උර බෑගයක්, යුද හමුදා කැලෑ ඇඳුම් කට්ටල 05ක් වළ දමා ඇති බවයි.

සැකකරු මීට පෙර යුද හමුදාවෙන් පැන ආ අයෙකු බවත් හෙළි ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?