Fly high Get bonus Aviator Phone

දරු දෙදෙනා ළිඳට දමා මව සියදිවි නසාගන්න හදලා – දරු දෙදෙනා ජීවිතක්ෂයට

මවක් සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇය ද සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ පුවතක් කුරුවිට, කරපිංචවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ මව ඊයේ (18) මෙලෙස තම දරුවන් දෙදෙනා ළිඳට තල්ලුකර ඇයද සියදිවි හානිකර ගැනීමට උත්සහ කර ඇති බවයි කුරුවිට පොලිසිය සඳහන් කළේ.

මව විසින් ළිඳට දැමූ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන් දෙදෙනා අවුරුදු 04 සහ අවුරුදු එකහාමාර යන වයස්වල පසුවූ බවයි වාර්තා වන්නේ.

කිසියම් ඖෂධයක් අධි මාත්‍රාවෙන් පානයකර සියදිවි නසාගැනීමට උත්සාහ කළ 39 හැවිරිදි මව මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි තොරතුරු වාර්තා වුණේ.

සිය සැමියා සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් ඇය මෙම තීරණයට එළඹ ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?