දයාසිරිට එරෙහිව ‘සිපෙට්කෝ’ නීති මගට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉන්ධන ආනයනය පිළිබඳව ඊයේ කළ ප්‍රකාශය තරගයේ ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතාට එරෙහිව නීතිමය කටයුතු කරන බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශය සහ සියලු කරුණු අසත්‍ය, පදනම් විරහිත මෙන් ම සිතාමතා ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට කළ ප්‍රකාශයක් බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කල නිවේදනයේ දැක්වෙන්නේ.

සංස්ථාව ඉන්ධන ආනයනයේදී සැම විට ම ටෙන්ඩර් ක්‍රමය සහ රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන අතර ප්‍රමිතිය තහවුරු කර අවම මිල ගණන් ඔස්සේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.එලෙස සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බව ත් පසුගිය දිනවල සිදු කළ මෙවැනි ම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බවයි එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ,

මෙරටට පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් ආනයනය කිරීමට ඉදිරිපත් නොවූ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. නම් පෞද්ගලික සමාගම වර්තමාන අමාත්‍යවරයා පත් වීම ත් සමග මෙරටට තෙල් ගෙන ඒමට කටයුතු කළ බව ත් එම සමාගමට මුල්කාලීනව ලියාපදිංචියක් හෝ නොතිබූ බව ත් ශ්‍රී ල.නි.ප. මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ (ඔක්.5) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?