දන්සල් පෝලිමේ සිදු වූ අනතුරේ කැබ් රථ හිමිකරුට විදෙස් ගමන් තහනමක්

පසුගිය 31 රාත්‍රියේ මීගොඩ ප්‍රදේශයේ දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ කැබ් රථයේ හිමිකරුට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් තහනමක් පනවා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (02) මීගොඩ පොලිසිය විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දී තිබෙනවා.

පසුගිය 31 වැනිදා රාත්‍රියේ මීගොඩ මං සන්ධියේ තිබූ දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් වෙතට කැබ් රථයක් කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙන් 06 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තවත් 08 දෙනෙකු තුවාල ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18