දකුණු පළාතට සුහුරු පංති කාමර 200ක් සහ ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනපති ප්‍රධානත්වයෙන්

දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය යටතේ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සුහුරු පංති කාමර 200ක් සහ ටැබ් පරිගණක 2000ක් ලබාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේදී අද (06) මෙම ප්‍රධානයන් සිදු කෙරුණු අතර, දකුණු පළාත් සුහුරු පන්ති කාමර ව්‍යාපෘතියට වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක්.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණගේ ඉල්ලීම මත ඉන්දීය සහයෝගිතාව ඇතිව මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබනවා.