AFC Banner
AFC Banner
Empty Ad

දකුණු කොරියාවේ නිදහස වෙනුවෙන් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කෙරේ

දකුණු කොරියාව හදිසි යුද නීතිය රට තුළ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි අද (03) රාත්‍රියේ දී දකුණු කොරියානු ජනාධිපති යූන් – සුක් – යෙයෝල් විසිනුයි මෙම හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

යූන් පැවසුවේ මෙම පියවර “උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් එල්ල වන තර්ජනවලින්; නිදහස් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීම සහ රාජ්‍ය විරෝධී පාර්ශ්වයන් රටින් තුරන් කිරීම” අරමුණු කරගත් බවයි.

ජනතාවගේ නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සහ ජාතියේ තිරසාරභාව සහතික කිරීම” සඳහා වන “වැළැක්විය නොහැකි පියවරක්” ලෙස ද මෙම හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම ගැන අර්ථකථනය කරමින් එරට ජනාධිපතිවරයා එය හඳුන්වා තිබෙනවා.

2022 දී බලයට පත් වූ දා සිට, යූන් රටේ විපක්ෂයට දිගින් දිගටම චෝදනා කර සිටියා.

ඒ එරට පාර්ලිමේන්තුව තුළ යූන්ගේ ප්‍රතිපත්තිවලට බලපෑම්සහගත විවේචන එල්ල වූ නිසාවෙන්.

පසුගිය මහමැතිවරණයෙන් ජනාධිපති යූන් හුදෙකලා වූයේ විපක්ෂයේ ප්‍රබල ජයග්‍රහණය හේතුවෙන්.

එබැවින් ඔහුට අවශ්‍ය නීති සම්මත කිරීමට නොහැකි වූ අතර, ඒ වෙනුවට, විපක්ෂය සම්මත කරමින් සිටි ඕනෑම පනතක් මංමුලා සහගත ලෙස නිශේධනය කිරීමේ බලය හෙතෙම අයුතු ලෙස භාවිත කරනු දක්නට ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?