ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වීම සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇති බව වාර්තා වුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග අවසන් වීමෙන් පසුව කාන්තා කණ්ඩායම (13) දිනයේ දී පිරිමි කණ්ඩායමේ තරග නරඹමින් සිටි අවස්ථාවක ඇය මෙලෙස කණ්ඩායමෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වූ අතර ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොන්දගේ හමුවී ඇති බව රග්බි සම්මේලනය පැවසුවා.
මේවන විට ඇය හැකි ඉක්මණින් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි වාර්තා වන්නේ.













