දකුණු අප්‍රිකානුවන්ට පසු ඉන්දියාව ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස පිටියේ මුල් තැනට

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග ආකෘති තුනෙන්ම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණට පැමිණීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, අනුව 2012 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පසු මෙම මට්ටමට පැමිණි ලොව දෙවැනි කණ්ඩායම බවට ඉන්දියාව සමත් වුණා.

ඕස්ට්‍රේලියාව සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ඊයේ පැවති පළමු තරගය ජයගැනීමත් සමඟ මෙතෙක් එක්දින ආකෘතිය තුළ මුල්තැන ගෙන සිටි පාකිස්ථානය දෙවැනි තැනට පත්කරමින් ඉන්දියාව එහි පෙරමුණ ගත්තා.

මේ සමඟයි ඉන්දියාවට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස යන තරග ආකෘති තුනේම පළමු ස්ථානයට පැමිණීමට හැකියාව ලැබුණේ.

ඒ අනුව ටෙස්ට් තරග රටාව තුළ ලකුණු 118ක්, එක්දින තරග රටාව තුළ ලකුණු 116ක් සහ විස්සයි විස්ස තරග ආකෘතිය තුළ ලකුණු 264ක් ශ්‍රේණිගත කිරීමවල දී ඉන්දියාව ලබාගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34