බොගවන්තලාව වතුයායේ නිවසක තොටිල්ලක ගෙල සිරවී මියගොස් සිටි 13 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව බොගවන්තලාව පොලිසිය පවසනවා.
දැරියගේ ඥාතීන් පවසා සිටියේ දැරියගේ නිවසට පැමිණි ඥාති දරුවෙක් සඳහා සකසන ලද තොටිල්ලක සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස මෙම දැරිය ගිල සිරවී මියගොස් ඇති බවයි.
දැරිය තොටිල්ලේ එල්ලී සිටියදී දුටු දැරියගේ සහෝදරයා අසල්වැසියන්ට දැනුම් දී ඇති අතර, ඔවුන් දැරිය මුදාගෙන ඇයව බොගවන්තලාව දිස්ත්‍රික් රෝහලට ගෙන ගිය බව පැවසුවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ දැරිය රෝහලට ගෙන එන අවස්ථාවේදී මියගොස් සිටි බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බොගවන්තලාව දෙමළ විද්‍යාලයේ 07 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මධුමාදන් ජෙන්සියා නම් 13 හැවිරිදි දැරියක්.
මේ අතර ඇය තොටිල්ලේ එල්ලී සියදිවි නසා ගන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
හැටන් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් පුබුදු චින්තක මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය හැටන් ක්ලැන්ටන් මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් බොගවන්තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබනවා.






