AFC Banner
Empty Ad
Empty Ad

තොටළඟ ඔන්ලයින් මාෆියාව පාරිභෝගික අධිකාරිය වටලයි

ඔන්ලයින් මගින් නිවෙස්වලට ලබාදීමට සූදානම් කළ කල් ඉකුත් වූ මිනිස් පරිභෝජනයට නුසුදුසු භාණ්ඩ තොගයක් පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සහල්, කිරිපිටි, අසුරන ලද ආහාර, වියළි ආහාර, පොල් තෙල් ඇතුළු කල් ඉකුත් වූ භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමකුයි පාරිභෝගික අධිකාරිය මෙලෙස වටලා ඇත්තේ.

තොටළඟ ප්‍රදේශයේ පිහිටි මෙම මහා පරිමාණ ජාවාරම උපාය දූතයකු යොදවා වැටලීම සිදු කර තිබෙනවා.

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් වෙත මෙම ආයතනය මගින් විවිද දැන්වීම් ඔස්සේ ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ට භාණ්ඩ ලබාදීමට රුපියල් ලක්ෂ ගණන් වටිනා පැකේජ හඳුන්වා දී තිබූ බව සඳහන්.

එම භාණ්ඩ පැකේජ්වලට අයත් භාණ්ඩ මලු විදෙස් රටවල සිට ඔන්ලයින් ක්‍රමයට මුදල් ගෙවා ඇනවුම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ එම පවුල්වල අයට ලබාදීමයි මෙම ජාවාරමෙන් සිදු කරනු ලබන්නේ.

මෙලෙස ඔන්ලයින් ක්‍රමයට ලබා දෙන සියලු භාණ්ඩ කල් ඉකුත් වී ඇති අතර ඒවායේ මිල ගණන් ද වෙනස් කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

මෙම ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇතැයි තොරතුරු හෙළිවී තිබෙනවා.

එම ආයතනයේ තිබූ සියලු භාණ්ඩ පාරිභෝගික අධිකාරිය විසින් මුද්‍රා තබා නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
4
+1
2
+1
2
+1
3
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සොයමින් සිටි සින්වාර් ව නිහඬ කරපු ක්‍රියාන්විතය - තව තවත් රත්වෙන් ඊශ්‍රායල යුද්ධය
02:46
Video thumbnail
05 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි රටක ඉන්නේ #hariniamarasuriya #sajithpremadasa
02:42
Video thumbnail
මාලිමාවෙන් ඡන්දෙ ඉල්ලන අය දන්නව ද? හතු පිපෙයි අතු නැතිවෙයි - අපි අරටු හැටියට ඉන්නවා
03:50
Video thumbnail
කොදෙව්වන් දන ගැස්සු සුපිරි තරඟයෙන් පසු චරිත් අසලංක මාද්‍යට කළ විශේෂ ප්‍රකාශය #charithasalanka
11:18
Video thumbnail
නිශ්පාදන කර්මාන්ත විප්ලවක් ඇති කරන්න ඕනි... #sajithpremadasa
04:11
Video thumbnail
මිනිස්සුන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න #akd #npp #anurakumaradissanayake
04:17
Video thumbnail
දරුවන් ඉදිරියේ රණ්ඩු වෙන්න එපා
04:40
Video thumbnail
මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්
03:30
Video thumbnail
සුන්දර ඇල්ල අසුන්දර වුණු හැටි
01:23
Video thumbnail
වසන්ත සමරසිංහ මොන සිප්පි කෑල්ලක්ද - වසන්තගේ රෙදි ලෙෆ්ට්
09:26

?