Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල අඛණ්ඩව පහල වැටේ

සැපයුම් අතිරික්තය පිළිබඳ අපේක්ෂාවන් මත සඳුදා දිනයේදී ද තෙල් මිල සැළකිය යුතු මට්ටමකට පහළ ගොස් තිබෙන බවට වාර්තාවෙනවා..

හොර්මුස් සමුද්‍ර සන්ධිය හරහා මැද පෙරදිග සිට සිදු කෙරෙන තෙල් ප්‍රවාහනය යුද්ධයට පෙර පැවති මට්ටමට ආසන්න වශයෙන් යථා තත්ත්වයට පත්වීම සහ ඔක්තෝබර් මාසයේදී චීනයේ තෙල් පිරිපහදු ක්‍රියාවලිය (refinery throughput) අඩුවීම හේතුවෙන් බොර තෙල් සඳහා ඉල්ලුම පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය සිකුරාදා සිට ලෝක වෙළෙඳපොල තුළ අඛණඩව බොර තෙල් මිල අඩුවෙමින් පවතිනවා.‍ෙ

අද (15), ‘බ්‍රෙන්ට්’ (Brent) අනාගත ගනුදෙනු (futures) මිල බැරලයකට ඩොලර් 95.30ක් දක්වා, එනම් ශත 54කින් (0.6%) පහත වැටී තිබෙනවා. එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොර තෙල් මිල ශත 22කින් (0.3%) පහත වැටී ඩොලර් 88.34ක් ලෙසින් වාර්තාවෙනවා.

ඉරානය සම්බන්ධයෙන් පවතින භූ-දේශපාලනික අවදානම (එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය මධ්‍යයේ) අඩු වෙමින් පවතින බවට වන සංඥා වෙළඳපොළ විසින් සැලකිල්ලට ගැනීමත් සමඟ, සිකුරාදා දිනයේදී තෙල් මිල පහත වැටුණා. පසුගිය සතියේදී මෙම ප්‍රධාන තෙල් වර්ග දෙකේ මිල ගණන් පිළිවෙලින් 16%කින් සහ 13%කින් පහත වැටී තිබුණා.

නැව් ප්‍රවාහන කටයුතු ඉලක්ක කර එල්ල වන ප්‍රහාර දිගටම පැවතියද, ගෝලීය තෙල් ඉල්ලුමට වඩා වේගයෙන් මැද පෙරදිග තෙල් අපනයනය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) සිකුරාදා ප්‍රකාශ කළා. ඒ අනුව, මෙම වසරේ සිව්වන කාර්තුවේදී ලෝක තෙල් වෙළඳපොළ නැවතත් සැපයුම් අතිරික්තයක් සහිත තත්ත්වයකට පත්වනු ඇති බවට පුරෝකථනය කෙරෙනවා.

සිව්වන කාර්තුවේදී දෛනික තෙල් සැපයුම සාමාන්‍යයෙන් බැරල් මිලියන 105ක් වනු ඇතැයි IEA ප්‍රකාශ කරනවා. මෙය අපේක්ෂිත ඉල්ලුමට වඩා දිනකට බැරල් මිලියන 1.7කින් වැඩි අගයක් බවට සඳහන් වෙනවා. සිව්වන කාර්තුවේදී සැපයුම් හිඟයක් ඇති වනු ඇති බවට මීට පෙර IEA විසින් පුරෝකථනය කර තිබුණා.