Fly high Get bonus Aviator Phone

තිරුක්කෝවිල්-පොලීසිය ලේ විලක් වුන හේතුව එළියට

අම්පාර තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ සිදුවූ වෙඩිතැබීමකින් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබුණි.

එම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරුයෙකු, වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු රෝහල්ගතකර තිබුණි.

මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී 10ත් 11ත් අතර කාලය තුළය.

පොලිස් මූලස්ථානය පැවසුවේ, එම අවස්ථාවේ පොලිස්ථානයට පැමිණි අදාළ සැරයන්වරයා
පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ රාජකාරි කළ පොලිස් නිලධාරියාගේ ගිනි අවිය උදුරාගෙන ඇති බවය.

පසුව පොලිස් සැරයන්වරයා එම ගිනි අවියෙන් පොලිස් ස්ථානය තුළ සිටි නිලධාරින්ට වෙඩිතබා තිබේ.

එම අවස්තාවේ රාජකාරි කටයුත්තක් වෙනුවෙන් පොලිස් ස්ථානයෙන් බැහැරව ගොස් සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථයෙන් පොලිස්ථානයට පැමිණෙමින් සිට ඇති අතර සැකකාර සැරයන්වරයා එම ජීප් රථයටද වෙඩිතබා තිබුණි.

වෙඩි ප්‍රහාරයෙන් පොලිස් නිලධාරින් තිදෙනකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්විය.

පොලිස් මූලස්ථානය පැවසුවේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් ස්ථානාධිපිතිවරයා ඇතුළු නිලධාරින් සිව්දෙනකු තිරුක්කෝවිල් සහ අක්කරේපත්තුව යන රෝහල් වෙත ඇතුළත් කර ඇති බවය.

රෝහල් ගතකිරීමෙන් පසු තවත් නිලධාරියෙකු මියගොස් තිබුණි.

මිය ගිය නිලධාරින් අතර පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු සහ පොලිස් කොස්තාපල් රියදුරකු ද වෙයි.

වෙඩිතැබීම සිදු කළ පොලිස් සැරයන්වරයා වෙඩි තැබිමෙන් පසුව තම පෞද්ගලික කැබ් රථයකියෙන් සිය ගම් ප්‍රදේශය වන ඇතිමලේ ප්‍රදේශයට පළාගොස් තිබුණි.

පොලීසිය පැවසුවේ පසුව ඔහු ටී 56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතරොම් ගැබ් 19ක් සමග ඇතිමලේ පොලිස්ථානයට පැමිණ භාරවී ඇති බවය.

එහිදී ඇතිමලේ පොලිස් ස්ථානධිපතිවරයා ඔහුව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අම්පාර මුලස්ථාන පොලීසියට භාරදී තිබේ.

මේ අතර මූලික විමර්ෂණවලදී අනාවරණය වී ඇත්තේ නිවාඩු ලබානොදීම හේතුවෙන් උරණ වූ අදාළ සැරයන්වරයා මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?