තියුණු සටනකින් පසු පළමු විස්සයි විස්සේ ජය සිංහයින්ට

ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) රාත්‍රියේ සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 04කින්.

තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී ලකුණු 160ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානයට පන්දුවාර විස්ස තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ඇෆ්ගනිස්තාන ඉනිමේ කඩුලු 04ක් ලකුණු 24ක් තුළ බිද දැමුවා.

ඒ, අනුව මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 04කින් ජයග්‍රහණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12