තියුණු සටනකින් පසු පළමු විස්සයි විස්සේ ජය සිංහයින්ට

ඇෆ්ගනිස්තානය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) රාත්‍රියේ සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 04කින්.

තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 19ක් තුළ සියල්ලන් දැවී ලකුණු 160ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ලකුණු 161ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානයට පන්දුවාර විස්ස තුළ කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 152ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ඇෆ්ගනිස්තාන ඉනිමේ කඩුලු 04ක් ලකුණු 24ක් තුළ බිද දැමුවා.

ඒ, අනුව මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 04කින් ජයග්‍රහණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
1
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?