තියුණු තරගයකින් පසු කොදෙව්වන්ට ජය

ශ්‍රී ලංකාව සමඟ පැවති පළමු පන්දුවාර 20-20 තරගය තියුණු තරගයකින් අනතුරව ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අද (12) සමත් වුණා.

තියුණු තරගයකින් පසුව මෙම තරගය කොදෙව්වන් ජයගත්තේ කඩුලු 07කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී 147ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඒ, අනුව කොදෙව් කණ්ඩායම පන්දුවාර 20ක් තුළ ලකුණු 148ක ඉලක්කයක් හිමි වූ අතර, එම ඉලක්කය පන්දුවාර 19යි පන්දු 02ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ඔවුන් පසුකර ගියා.

කොදෙව් ඉනිම වෙනුවෙන් නායක ෂායි හෝප් නොදැවී ලකුණු 68ක් රැස්කළ අතර, ආරම්භක පිතිකරු බ්‍රැන්ඩන් කිං ලකුණු 37ක් වාර්තා කළා.

මේ අතර කොදෙව් ඉනිමේ අවසන් පන්දුවාර කිහිපය තුළ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පීඩනයක් එල්ල කරමින් පන්දු යැවූ අතර, ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් දෙදෙනා ද කොදෙව් පිතිකරුවන්ට පීඩනයක් එල්ල කරන ආකාරය දැක ගත හැකි වුණා.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග සිය පන්දුවාර 04 තුළ ලකුණු 32කට කඩුලු 02ක් බිඳ දැමූ අතර, එශාන් මාලිංග ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගත්තා.

මෙම තරගයේ ජයත් සමඟ තරගය තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලිය තරග එකට බිංදුවක් ලෙස කොදෙව්වන් පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59