රුපියල් හය කෝටි දෙලක්ෂ හැට පන් දහසක් වටිනා මත්ද්රව්ය තොගයක්, ගුවන් තැපැල් පාර්සල් ඔස්සේ කොළඹ මධ්යම තැපැල් හුවමාරුව වෙත එවා තිබියදී අද (28) දින දහවල් රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
තායිලන්තය , ස්පාඤ්ඤය , එක්සත් රාජධානිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්රී ලංකාවේ විවිධ ප්රදේශ වල ව්යාජ ලිපිනයන් වෙත, කුෂ්, හෂීෂ්, කොකේන් සහ එක්ස්ටැසී යන මත්ද්රව්ය, මෙලෙස පාර්සල් 09 ක් තුළ අසුරා එවා තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම පාර්සල් භාර ගැනීමට කිසිවෙකු නොපැමිණීම නිසා , එම ලිපිනයන් පිළිබද සොයා බැලීමේ දී , ඒවා ව්යාජ ලිපිනයන් බවට කරුණු අනාවරණය වීම නිසා , ඒවා අද (28) දින දහවල් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් සහ මධ්යම තැපැල් හුවමාරුවේ තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන් ඉදිරිපිට විවෘත කිරීම සිදු කර තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගත් මෙම මත්ද්රව්ය තොගය, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.
